පාවෙන හිතිවිල්ල..


සිතිවිල්ල හරියට පිං පොං බෝලයක් වගේ

ඔහේ එහාට මෙහාට පා වෙද්දි
හරියට ටේබල් ටෙනිස් මේසයක් උඩ වගේ
පහර ක කා දෝලනය වෙයි..
හිතේ ඇවිත් වදිනකොට
මෙච්චර රිදෙනවා දැයි
නොදැන හිටි නිසා
ආයෙමත් ආයෙමත් එක පිට එක
පහර දුන්නේ
බේරෙන්න බැරිම තැන
නොපෙනෙන ඈතකට දුරස් කරවන්නයි
සැහැල්ලුවෙන් හිටි පන්දුව

තරඟෙකට ඇද දැම්මේ මං මයි නිසා
මං තාම අරගලයක
ඒ හිතිවිල්ල
අමතක කරලා හරි දමන්න
භූමරංගයක් නොවී....

පරණ වෙච්චි පෙම් කවිය..



රිය සක හඬට යටවී..
ඒ සී එකෙන් වට වී...
අහසක් උස මැදුරු වලට මුවා වීගෙන
ඩොලරය බලගත් නිසා
වෙසක් එකට පස්සෙන්දා
වැඩක් නැතුව ගෙදර ඉන්දැද්දි
මට උඹ මතක් විය
කාලෙකින් නොලියූ හින්දාම
සෑහෙන්න පරණ වූ
පෙම් කවිය..

වලාකුළෙන් පොළවට


වහිනවා නම් වැස්ස

වලාකුලකින් නිදහස් ව
පොළවට පතිත වෙන ගමන
තවත් මොකටද
කවදාවත්ම දැක නැති
තුරු හිසක එල්ලිගෙන
අතු දිගේ ගල ගලා
පත් අගින් එල්ලිලා
පායන්න මොහොතක් තියා
මොනවටද දුර යන්නෙ
වහිනවා නම් වැස්ස
වලාකුලකින් නිදහස්ව
කෙලින්ම මහ පොළවටම....

දෙගොඩ තලා....


මෙගොඩ සිට එගොඩ දෙස බලමි

එගොඩට යන්න ඇත්නම් යෙහෙකියි සිතමි
දිනෙක එගොඩ වෙමි
ආපසු හැරී බලමි..
මා දුටු එගොඩ
දැන් මගේ මෙගොඩමය..
මෙගොඩ එගොඩ වී
එගොඩ වෙන්න මගක් සොයමි...
මගේ මිරිවැඩි සඟල යට

මේ තියෙන්නේ මෙගොඩමය
මෙගොඩ සිට මා දුටු එගොඩ
මා මෙගොඩ ආ සැණින්
මෙගොඩ එගොඩ වී
එගොඩ මෙගොඩ වී
දෙගොඩ තලා යන අරුම....

මුහුදට ගහන අකුණු...

කලාතුරකින් දවසක


වැහි ඇතිද නැතිද නොහිතා

මුළු විශ්වයම ගුගුරවාගෙන

අකුණු ගහන කොටත්

වෙනස් වෙන්නෙ නැතුව

එක විදියටම ගීතයක් මුමුණමින්

වෙරළම හොයාගෙන

රැළි නංව නංවා

දුවගෙන එන්නේ ඇයි

හැමදාම එකවගේ

ගුගුරා හැලෙන

මහ මුහුද...?

හුඟ කාලෙකින් ලියන කවිය....

සුදු ගවුමේ කරට උඩින් වැටෙන

සුදු කොණ්ඩ පටිය කරකව කව
කවි ලිව්වට පස්සෙයි..
කතන්දර කවි කරන්න
කයි කතන්දර කියන්න..
කවියට ඇරුණ හිත
මේ විදියට
උපන්නේ ...