දෙගොඩ තලා....


මෙගොඩ සිට එගොඩ දෙස බලමි

එගොඩට යන්න ඇත්නම් යෙහෙකියි සිතමි
දිනෙක එගොඩ වෙමි
ආපසු හැරී බලමි..
මා දුටු එගොඩ
දැන් මගේ මෙගොඩමය..
මෙගොඩ එගොඩ වී
එගොඩ වෙන්න මගක් සොයමි...
මගේ මිරිවැඩි සඟල යට

මේ තියෙන්නේ මෙගොඩමය
මෙගොඩ සිට මා දුටු එගොඩ
මා මෙගොඩ ආ සැණින්
මෙගොඩ එගොඩ වී
එගොඩ මෙගොඩ වී
දෙගොඩ තලා යන අරුම....

2 Response to "දෙගොඩ තලා...."

  1. Amila Chathuranga says:
    May 19, 2010 at 3:26 PM

    හිතට දැනුන ඔබේ ආදරේ කඳුලු පිරුන මගේ ජීවිතේ....

  2. ජීවිතේ මල් says:
    May 19, 2010 at 8:42 PM

    නියමයි.... ඔන්න එහෙනම් මල් මල් පලවෙනි කොමෙන්‍ටුව මගෙන්ද කොහෙදෝ..... හහ් හහ් හා................... ඔහොම යන්! ජය වේවා!

Post a Comment