වලාකුළෙන් පොළවට


වහිනවා නම් වැස්ස

වලාකුලකින් නිදහස් ව
පොළවට පතිත වෙන ගමන
තවත් මොකටද
කවදාවත්ම දැක නැති
තුරු හිසක එල්ලිගෙන
අතු දිගේ ගල ගලා
පත් අගින් එල්ලිලා
පායන්න මොහොතක් තියා
මොනවටද දුර යන්නෙ
වහිනවා නම් වැස්ස
වලාකුලකින් නිදහස්ව
කෙලින්ම මහ පොළවටම....

4 Response to "වලාකුළෙන් පොළවට"

  1. සෝරෝ says:
    May 20, 2010 at 8:07 PM

    අගෙයි සිතුවිල්ල....
    අකුරු ටිකක් ලොකුවට දැම්මා නම් බලාගන්න ලේසියි...

    -සෝරෝ

  2. දිල් says:
    May 20, 2010 at 10:16 PM

    හරිම ලස්සනයි පද ටික. පින්තූරයත් ඊටම ගැලපෙනවා

  3. ayesha says:
    July 27, 2010 at 4:31 AM

    ලස්සනයි කවි ටික. දිගටම ලියන්න සුභ පැතුම්

  4. ayesha says:
    July 27, 2010 at 4:32 AM

    ලස්සනයි කවි ටික. දිගටම ලියන්න සුභ පැතුම්

Post a Comment